අද
( 03)
පෙරවරුවේ
කොළඹ කොටස් වෙළඳපොළේ ගණුදෙනු
ආරම්භ වී සුළු වේලාවකින්
වෙළඳපොළ කටයුතු තාවකාලිකව
අත්හිටුවීමට පියවර ගැනුණි.
මෙලෙස
ගණුදෙනු නතර කෙරුණේ වෙළඳපොළේ
ප්‍රධාන දර්ශකයක් වන S&P
SL20 දර්ශකය
පෙර දිනයේ අවසාන අගයට සාපේක්ෂව
5.27%
කින්
පහත වැටීම හේතුවෙනි.
සුරැකුම්පත්
හා විනිමය කොමිෂන් සභාව නිකුත්
කරන ලද උපදෙස් මාලාවට අනුව,
දර්ශකයේ
මෙම හදිසි පහත වැටීම මත වෙළඳපොළ
මෙලෙස ‘වෙළඳපොළ
අත්හිටුවීමකට‘
ලක්
කෙරිණි.
ගණුදෙනු
අත්හිටුවන විට S&P
SL20 දර්ශකය
ඒකක 366.97
කින්
පහත වැටී ඒකක 6,269.00
ක්
ලෙස සටහන් විය.
සමස්ත
කොටස් මිල දර්ශකය (ASPI)
ඒකක
1,250.30
කින්
පහත වැටී ඒකක 22,483.76
ක්
ලෙස සටහන් විය