Home Local News Room : ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට.. රවිත්...

News Room : ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට.. රවිත් ගෑවේ… ඇප මත මුදා හරී.. ~

0
0
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනී සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කළ සමයේදී, එම ආයතනයට බඳවා ගන්නා ලද නිලධාරීන් තිදෙනෙකු ලොතරැයි මණ්ඩලයේ සේවයට යොදවනු වෙනුවට, එවකට අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතාගේ පෞද්ගලික කාර්යාලයේ සේවය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇත.

මෙම ක්‍රියාව මගින් දූෂණය නමැති වරද සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍යාමිලා පෙරේරා ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

සැකකාරිය ලක්‍ෂ දහය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුද හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here