කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහ භූමිය අසල අද (10) පෙරවරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම සත්‍යග්‍රහයට විරෝධය පළ කිරීම සඳහා තවත් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ මෙම නොසන්සුන්තාව හටගෙන ඇති අතර, පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය වහා මැදිහත් වී ඇත.
රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින, වර්තමානයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි මහතාට සාධාරණ පරීක්ෂණයක් ඉටුකරන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.
මේ අතර, මෙම සත්‍යග්‍රහයට එරෙහිව විරෝධය පෑම සඳහා කොළඹට රැස්වන ලෙස විවිධ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පුද්ගලයන් ඒකරාශී කරමින් සිටින බව ද නිරීක්ෂණය වී ඇත.