පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව දැනට සිදු කෙරෙන විමර්ශන කටයුතු වලට අගතිදායක වන අයුරින් සහ එම කටයුතු වලට බාධා කරමින් උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ඇතුළු දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් සැලසුම් සහගත ක්‍රියාවලියක වක්‍රාකාරව නිරත වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රැඳවුම් නියෝග මත සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මෝසමක් මගින් අධිකරණයට දැනුවත් කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා වෙත මේ බව දන්වා තිබේ.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, සැකකාර සුරේෂ් සලේ විමර්ශනවලට අගතිදායක වන අයුරින් හැසිරෙමින් සිටින බවයි.
එම අගතිදායක ක්‍රියාකාරකම් සඳහා උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ඇතුළු දේශපාලන පුද්ගලයින්ගේ සහයෝගය ලැබෙන බවද එහිදී අනාවරණය විය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මෙතෙක් හෙළිදරව් නොවූ දේශපාලන පසුබිම හෙළි වීම වැළැක්වීමේ අරමුණින් මෙම සැලසුම් සහගත ක්‍රියාදාමය ක්‍රියාත්මක වන බවට සාධාරණ සැකයක් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය