Home Local News Room : පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී බස් රථයක් විවෘත කරයි..

News Room : පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී බස් රථයක් විවෘත කරයි..

0
0

 ඩෙලික්ලෙයාර්
වතුයාය සහ ඒ අවට වතු කිහිපයක
ජනතාව වසර ගණනාවක් තිස්සේ
මුහුණ දුන් බරපතළ ප්‍රවාහන
ගැටලුවට විසඳුම් ලබා දෙමින්
,
එම
වතුයායේ සිට පතන හන්දිය දක්වා
නව බස් රථ සේවාවක්
(08)
දින
ආරම්භ කෙරිණි
.

මෙම
වතුයායේ ජීවත් වන
3000කට
අධික ජනතාව මෙතෙක් කාලයක්
සිය දෛනික ගමනාගමන කටයුතු
සිදු කරගත්තේ කිලෝමීටර් පහක
දුරක් පයින් ගමන් කරමින් හෝ
අධික වියදමක් දරමින් ත්‍රීරෝද
රථ භාවිත කිරීමෙනි
.

නිසි
ප්‍රවාහන පහසුකම් නොමැතිකම
හේතුවෙන් පාසල් සිසුන් දැඩි
දුෂ්කරතාවන්ට මුහුණ දුන්
අතර
,
හදිසි
රෝගී තත්ත්වයකදී රෝහල් වෙත
රෝගීන් රැගෙන යාම පවා එම ජනතාවට
විශාල අභියෝගයක්ව පැවතිණි
.

එම
ජනතාවගේ අපහසුතා සැලකිල්ලට
ගනිමින් මෙම නව බස් රථ සේවාව
ආරම්භ කිරීමට පියවර ගෙන
තිබූ
අතර
,
මෙම
බස් රථය සඳහා අවශ්‍ය බලපත්‍ර
ලබා ගැනීමේ ක්‍රියාවලියේදී
රජයෙන් විශේෂ දායකත්වයක්
හිමි වූ අතර
,

සඳහා නුවරඑළිය දිස්ත්‍රික්
සංවර්ධන කමිටු සභාපති මංජුල
සුරවීර ආරච්චි මහතාගේ විශේෂ
මැදිහත්වීම සහ සහයෝගය ලැබිණි
.

මෙම
බස් රථ සේවාව ආරම්භ කිරීමේ
උත්සව අවස්ථාව සඳහා පාර්ලිමේන්තු
මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලේසෙල්වි
මෙනවිය
,
කොටගල
ප්‍රාදේශීය සභාවේ උප සභාපති
,
තලවකැලේ
නගර සභා සභාපති ඇතුළු එම පක්ෂයේ
මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන්
විශාල පිරිසක් සහභාගි වූහ
.

මෙම
බස් රථ සේවාව ආරම්භ කිරීමත්
සමඟ එම ප්‍රදේශයේ ජනතාවට තම
දෛනික ගමනාගමන කටයුතු පහසුවෙන්
සහ අඩු වියදමකින් ඉටු කර ගැනීමට
අවස්ථාව උදාවී ඇත
.

– රංජිත්
රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here