Home Local News Room : ආණ්ඩුවෙන් ලියුමක් ඉල්ලාගෙන අලුත් අන්තරේ මල්වානේ නිවස අතහරී..

News Room : ආණ්ඩුවෙන් ලියුමක් ඉල්ලාගෙන අලුත් අන්තරේ මල්වානේ නිවස අතහරී..

0
0

 මල්වානේ
පිහිටි අක්කර
16
භූමිය තුළ අඛණ්ඩව සිව්වන
දිනටත් සිදුකරගෙන යන අරගලයෙන්
ඉවත් වන්නේ නම්
,
ඒ සඳහා
බලධාරීන්ගෙන් නිශ්චිත
පොරොන්දුවක් ලැබිය යුතු බව
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය
බලමණඩලයේ කැඳවුම්කරු සසිඳු
පෙරේරා අවධාරණය කරයි
.

බැසිල්
රාජපක්ෂ මහතාට අයත් යැයි
මුලින් පැවසූවද පසුව අධිකරණ
අමාත්‍යංශය යටතට පවරා තිබෙන
මෙම රජයේ දේපළ
,
විරෝධතාවය
සඳහා බලහත්කාරයෙන් අත්පත්
කර ගැනීමට එරෙහිව මේ වන විට
සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන්
දැඩි විරෝධයක් එල්ල වී තිබේ
.

මෙම අරගලය
ආරම්භ කරනු ලැබුවේ විශ්වවිද්‍යාල
පද්ධතිය පුළුල් කරන ලෙස ආණ්ඩුවට
පීඩනයක් ලබා දීමට බවත්
,
මේ වන විට
ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද එකම
පැත්තේ සිටගනිමින් ශිෂ්‍යයින්ට
එරෙහිව පැමිණිලි ඉදිරිපත්
කරමින් සිටින බවත් ඔහු පවසයි
.

අග්‍රාමාත්‍ය
කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන්
මැදිහත් වී ලබන අද දිනයේදී
සාකච්ඡාවක් ලබා දී ඇති අතර
,
එහිදී මල්වාන
භූමිය විශ්වවිද්‍යාල පද්ධතියට
පවරා දීම සහ සමස්ත රාජ්‍ය
විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල්
කිරීම සම්බන්ධයෙන් නිශ්චිත
සහ සහතික කළ පිළිතුරක් ලබාදිය
යුතු බව ඔහු සඳහන් කරයි
.

මෙතනින්
ඉවත් වීමක් සිද්ධ කරනවා නම්
ඉවත් වීමක් සිද්ධ කරන්නේ
නිශ්චිත බලධාරීන් ඇවිල්ලා
මේ සම්බන්ධයෙන් නිශ්චිත
පොරොන්දුවක් අපිට ලබා දෙන්න
ඕනේ
යැයි
ඔහු පවසා සිටියි
. එම
සාකච්ඡාවේදී නිසි තීන්දුවක්
නොලැබුණහොත් හෝ නැවත වතාවක්
ශිෂ්‍යයන්ව
වටේ
යවන
ක්‍රියාවක්
සිදු වුවහොත්
, දැනට
තාවකාලිකව නවත්වා ඇති ක්‍රියාමාර්ග
නැවත ආරම්භ කරන බවට ඔහු අනතුරු
අඟවයි
.

එවැනි
අවස්ථාවකදී සමස්ත රාජ්‍ය
විශ්වවිද්‍යාල පද්ධතියම
ඒකරාශී කරමින් දැවැන්ත විරෝධතා
රැලියක් සහ විවිධ මට්ටමේ
ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්
බවත්
, මෙම
ඉල්ලීම් දිනාගන්නා තෙක් සටන
අත්නොහරින බවත් ඔහු වැඩිදුරටත්
කියා සිටියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here