Home Local News Room : පැලවත්තේ NPP-JVP උණුසුම් වාදයක්.. ටිල්වින් පිල පරදී..

News Room : පැලවත්තේ NPP-JVP උණුසුම් වාදයක්.. ටිල්වින් පිල පරදී..

0
0

පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය තුළ මෑතකදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. මෙම තත්ත්වයට මුල් වූයේ රජය විසින් ගන්නා ලද එක්තරා තීරණාත්මක පියවරකි. 

ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන්, ජාතික ජන බලවේගයේ නායකයන් මෙන්ම ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම අර්බුදය නිර්මාණය විය. එහිදී පක්ෂයේ පැරණි සාමාජිකයන් පිරිසක් තරයේ කියා සිටියේ විපක්ෂයේ සිටින කිසිදු දේශපාලනඥයෙකු රජයට බඳවා නොගත යුතු බවයි. කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දැක්වූ තවත් පිරිසකගේ අදහස වූයේ වත්මන් පාලනය ස්ථාවරව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා එම පිරිස සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි. 

මෙම විශේෂ හමුව සඳහා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, සුනිල් වටගල සහ වසන්ත සමරසිංහ යන ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් රැසක් එක්ව සිටි අතර, එහිදී විවිධ අදහස් කරළියට පැමිණියේය. එහි සිටි බහුතරයකගේ ස්ථාවරය වූයේ මහජනතාව ඡන්දය ප්‍රකාශ කළේ මාලිමාවේ ප්‍රතිපත්ති වෙනුවෙන් බැවින්, එම මතවාදය තවදුරටත් දැඩිව ආරක්ෂා කළ යුතු බවයි. එහෙත් ඊට වෙනස් මතයක් දැරූ සුළු පිරිසක්ද එතැන සිටියහ. මෙම අදහස් ගැටීම අවසානයේ දැඩි වාග් ප්‍රහාර සහ නොසන්සුන්කාරී වාතාවරණයක් දක්වා දුරදිග ගියේය. 

අවසානයේදී ආණ්ඩුව තුළ මාලිමාවේ බලය තහවුරු කළ යුතු යැයි තර්ක කළ පාර්ශවයේ අදහස බහුතර එකඟතාවයෙන් ස්ථිර වූ බව වාර්තා වේ. කෙසේ වුවද, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දිගින් දිගටම අවධාරණය කළේ විපක්ෂයේ කිසිවෙකුටත් රජය තුළ ඉඩක් නොදිය යුතු බවයි. එහෙත් එදින රැස්ව සිටි පිරිසෙන් බහුතරයක් ඔහුගේ එම අදහස අනුමත නොකළහ. පාලනය සාර්ථකව පවත්වාගෙන යාමට නම් මෙවැනි තීන්දු ගැනීමට සිදුවන බවත්, පක්ෂයේ සාමාජිකයන්ට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම් නොමැති බවත් පරණ ජවිපෙ සාමාජිකයන් කිහිපදෙනෙකුම එහිදී පෙන්වා දී ඇත. 

මෙම වාදවිවාද මැද ටිල්වින් සිල්වා මහතා ලාල් කාන්ත මහතා වෙත හැරෙමින්, ඔහුගේ නිවස සම්බන්ධයෙන් මතුවූ ගැටලු පක්ෂයේ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදුකළ බව ප්‍රකාශ කර තිබේ. ඉන් දැඩි ලෙස කෝපයට පත් ලාල් කාන්ත මහතා, “එතකොට ඔයා කරන දේවල් නිවැරදිද?” යනුවෙන් පෙරළා ප්‍රශ්න කර ඇත. 

මේ අතරතුර රැස්වීමට සහභාගි වූ අයෙකු අසල තිබූ පුටුවකට පයින් ගැසීම හේතුවෙන් ඇතිවූ ශබ්දයට, පිටත ආරක්ෂාවට සිටි නිලධාරීන් ද ඇතුළට පැමිණ සිදුවන්නේ කුමක්දැයි සොයා බලා තිබේ. කෙසේ වෙතත්, මෙම මතභේදාත්මක තත්ත්වය තුළ කිසිදු පුද්ගලික පහරදීමක් සිදු වූ බවට තොරතුරු වාර්තා නොවේ.

මූලාශ‍්‍රය – ඉරිදා ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here