එක්සත් රාජධානියට පැමිණීමට නියමිත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර විශේෂ හමුවක් සංවිධානය කර තිබේ.
එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත මෙම අවස්ථාව සඳහා ආරාධනාවක් කෙරෙන අතර , මෙම හමුව 2026 මැයි 20 වන බදාදා පස්වරු 7:00 ට ස්ලාව් (Slough) හි පිහිටි ‘Crystal Grand Banqueting Hall’ හිදී පැවැත්වීමට නියමිතය.
කෙසේ වුවද, මෙම හමුව සඳහා සහභාගී වන එක් අයෙකුගෙන් රාත්‍රී භෝජන සංග්‍රහය සහ ශාලා පහසුකම් වෙනුවෙන් පවුම් 25 ක ගාස්තුවක අය කිරීමට පියවර ගෙන තිබේ.
මේ සඳහා වන ආරාධනා පත්‍රය මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින අතර, අග්‍රාමාත්‍යවරිය හමුවීම සඳහා මෙලෙස මුදලක් අය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර විවේචන සහ විවිධ මත පළවෙමින් පවතී.
මෙම අවස්ථාවට සහභාගී වීමට අපේක්ෂා කරන පිරිස් 2026 මැයි 19 වන දිනට ප්‍රථම අදාළ ලියාපදිංචි සබැඳිය ඔස්සේ ආසන වෙන්කරවා ගත යුතු බව සංවිධායකයින් දැනුම් දෙයි.