පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා අද (16) අලුයම ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියක් වනවාසල සහ කැළණිය දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමට ලක්ව තිබේ.
අලුයම 3:25 ට ගමන ආරම්භ කළ මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇත්තේ උදෑසන 5:20 ට පමණ වේ.
අනතුර හේතුවෙන් දුම්රියේ ගමන්ගත් මගියෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පීලි පැනීමට ලක් වූ දුම්රියේ එක් මැදිරියක් යාබද දුම්රිය මාර්ගයට පෙරළී ගොස් ඇති අතර, මේ හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට දැඩි හානි සිදු වී ඇත.
මැදිරියක් පෙරළී යාම හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට දැනට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය බලධාරීන් මේ වන විටත් කටයුතු කරමින් සිටී.