Home Local News Room : සම්පත් බැංකුවටත් හැකරුන් පැනලා.. දන්න කියන හැකරුන්..

News Room : සම්පත් බැංකුවටත් හැකරුන් පැනලා.. දන්න කියන හැකරුන්..

0
0

 සම්පත් බැංකුවේ මහනුවර, දළදා වීදියේ පිහිටි ශාඛාව සහ එහි සේවය කරන නිලධාරීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.  

සමාජ මාධ්‍ය වාර්තා පවසන පරිදි සම්පත් බැංකුවේ කිසිදු නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාරගත කර නොමැති බව බැංකුව තහවුරු කරයි.  

එක් ගනුදෙනුකරුවෙකු විසින් ලබාගත් රුපියල් මිලියන 51 ක ආසන්න ණය පහසුකමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් මුල් කරගනිමින් මෙම අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යයේ පළ වී ඇත.  

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් නීතිමය කටයුතු ක්‍රියාත්මක වන අතර, අදාළ විමර්ශන බලධාරීන්ට බැංකුව සහ එහි නිලධාරීන් පූර්ණ සහයෝගය ලබා දෙන බව දන්වා ඇත.  

 අදාළ කරුණ මේ වන විට අධිකරණය හමුවේ පවතින බැවින්, ඒ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීමට බැංකුවට හැකියාවක් නැත. 

කෙසේ වෙතත්, බැංකුවට සහ එහි නිලධාරීන්ට එරෙහිව නගන ලද සියලු නොමඟ යවන ප්‍රකාශ සහ චෝදනා බැංකුව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.  

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙවැනි අසත්‍ය තොරතුරු පිළිබඳව ගනුදෙනුකරුවන් අවධානයෙන් පසුවිය යුතු බව එම නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here