Home Local News Room : ලංකවෙන් තුරන් කල බරවා යලි පැතිරේ…

News Room : ලංකවෙන් තුරන් කල බරවා යලි පැතිරේ…

0
0

 පවතින
දැඩි වර්ෂාපතනය හේතුවෙන්
ඩෙංගු
,
මැලේරියාව
සහ බරවා වැනි මදුරුවන්ගෙන්
බෝවන රෝග පැතිරීමේ අවදානමක්
පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු
අඟවයි
.

මේ
සම්බන්ධයෙන් මහජනතාව දැනුවත්
කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය
අමාත්‍යාංශයේදී විශේෂ මාධ්‍ය
හමුවක් පවත්වන ලදී
.

මේ
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන්
27,754ක්
වාර්තා වී ඇති අතර ඉන් මරණ
14ක්
සිදුව ඇත
.
සමස්ත
රෝගීන්ගෙන් සියයට
50ක්ම
බස්නාහිර පළාතෙන් වාර්තා වේ
.
විශේෂයෙන්
කොළඹ
,
ගම්පහ,
මාතර,
ගාල්ල,
රත්නපුර,
කළුතර
සහ නුවර යන දිස්ත්‍රික්කවල
රෝග ව්‍යාප්තිය ඉහළ අගයක පවතී
.

නිවෙස්වලට
වඩා පාසල්
,
ආගමික
ස්ථාන
,
වැඩබිම්
සහ කාර්යාල පරිශ්‍රවල මදුරුවන්
බෝවීම ඉහළ ගොස් ඇත
.

තද
උණ
,
ඇඟපත
වේදනාව
,
හිසරදය,
වමනය
සහ සමේ රතු ලප මතු වේ නම් වහාම
වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය
.

2016 වසරේදී
ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය
තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය
සංවිධානය සහතික කර ඇත
.
රෝගය
තුරන් කළද
,
එය
මෙරටින් සම්පූර්ණයෙන් තුරන්
වී නොමැති අතර ආවේක්ෂණ කටයුතු
හරහා ඉතා අවම රෝගීන් ප්‍රමාණයක්
තවමත් හඳුනා ගැනේ
.

මෝසම්
වැසි සමග රෝග ව්‍යාප්තිය ඉහළ
යා හැකි බැවින්
,
ජනතාව
තම වටපිටාවේ මදුරුවන් බෝවන
ස්ථාන සොයා බලා ඒවා විනාශ
කිරීමට පියවර ගත යුතු බව ප්‍රජා
වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා
සමරවීර මහත්මිය අවධාරණය කළාය
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here