Home Local News Room : චීනයෙන් ලංකාවට රාජතාන්ත‍්‍රික අනතුරු ඇගවීමක්..

News Room : චීනයෙන් ලංකාවට රාජතාන්ත‍්‍රික අනතුරු ඇගවීමක්..

0
0

 ශ්‍රී
ලංකා මුහුදු සීමාව තුළ
දෙපාර්ශ්වයේම විද්‍යාඥයන්
විසින් සිදු කරන සාමාන්‍ය
සමුද්‍රීය විද්‍යාත්මක පර්යේෂණ
විවිධ බාධා කිරීම් හේතුවෙන්
ප්‍රමාද වී ඇති බව චීන තානාපති
චී ෂෙන්හොං මහතා ප්‍රකාශ කළේ
.

කොළඹ පැවැති
‘Colombo Maritime Dialogue’ සමුළුවේ
සමාරම්භක උත්සවයට එක්වෙමින්
ඔහු මෙම අදහස් පළ කළේය
.

විවිධ බාධා
කිරීම් හේතුවෙන් දෙරටේ
විද්‍යාඥයන් සැලසුම් කළ
පර්යේෂණ කටයුතු ප්‍රමාද වී
ඇති අතර
, ශ්‍රී
ලංකා රජය තම ස්වෛරීභාවය සහ
ගෞරවය සලකා බලා මේ සම්බන්ධයෙන්
ඉක්මනින් නිවැරදි තීරණයක්
ගනු ඇතැයි ඔහු බලාපොරොත්තු
පළ කළේය
.

2025 වසරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක
මහතා චීනයේ කළ සංචාරයෙන් පසු
,
සමානත්වයේ
සහ අන්‍යෝන්‍ය විශ්වාසයේ
පදනම මත සමුද්‍රීය සහයෝගීතාව
දිගටම පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම
එකඟ වී ඇති බව ඔහු සිහිපත්
කළේය
.

ඉන්දියන්
සාගරය මහා බලවතුන්ගේ ගැටුම්කාරී
පිටියක් නොවිය යුතු බවත්
,
එය සාමය,
සංවර්ධනය
සහ විවෘත සහයෝගීතාව සඳහා වූ
කලාපයක් විය යුතු බවත් තානාපතිවරයා
අවධාරණය කළේය
.

සමුද්‍රීය
පරිසර පද්ධති සුරැකීම
,
ආපදා සහන
සහ පිරිස් පුහුණු කිරීම් වැනි
ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත්
ගැඹුරු කිරීමටත්
, නිල්
ආර්ථික හවුල්කාරිත්වයක් කරා
ගමන් කිරීමටත් දෙරට එකඟ වී
ඇත
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here