නව
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා 2026 දී නුවරඑළිය ප්‍රදේශයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් (20) දින නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට
විරෝධතාවක නියැලිණ.
මතභේදාත්මක
ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලය හැර අනෙකුත් විෂයයන්ට අදාළ ඉගෙනුම් මොඩියුල කාලය
නාස්ති නොකර වහාම සිසුන්ට ඉගැන්වීමට පියවර ගත යුතු බව විරෝධතාකරුවන් කියා සිටියි.
ඉදිරි
දිනවලදී මෙම ගැටළුව විසඳා නොගතහොත් පාසල් සිසුන් ද වීදිවලට කැඳවා දැවැන්ත
විරෝධතාවයක නිරත වන බව පැවසූ එම දෙමව්පියන් විරෝධතාව අතරතුර ඔවුන් රජයට එරෙහිව
සටන් පාඨ කියමින් බැනර් රැගෙන ගියහ.
රංජිත් රාජපක්ෂ







