ඩෙලික්ලෙයාර්
වතුයාය සහ ඒ අවට වතු කිහිපයක
ජනතාව වසර ගණනාවක් තිස්සේ
මුහුණ දුන් බරපතළ ප්‍රවාහන
ගැටලුවට විසඳුම් ලබා දෙමින්,
එම
වතුයායේ සිට පතන හන්දිය දක්වා
නව බස් රථ සේවාවක් (08)
දින
ආරම්භ කෙරිණි.
මෙම
වතුයායේ ජීවත් වන 3000කට
අධික ජනතාව මෙතෙක් කාලයක්
සිය දෛනික ගමනාගමන කටයුතු
සිදු කරගත්තේ කිලෝමීටර් පහක
දුරක් පයින් ගමන් කරමින් හෝ
අධික වියදමක් දරමින් ත්‍රීරෝද
රථ භාවිත කිරීමෙනි.
නිසි
ප්‍රවාහන පහසුකම් නොමැතිකම
හේතුවෙන් පාසල් සිසුන් දැඩි
දුෂ්කරතාවන්ට මුහුණ දුන්
අතර,
හදිසි
රෝගී තත්ත්වයකදී රෝහල් වෙත
රෝගීන් රැගෙන යාම පවා එම ජනතාවට
විශාල අභියෝගයක්ව පැවතිණි.
එම
ජනතාවගේ අපහසුතා සැලකිල්ලට
ගනිමින් මෙම නව බස් රථ සේවාව
ආරම්භ කිරීමට පියවර ගෙන තිබූ
අතර,
මෙම
බස් රථය සඳහා අවශ්‍ය බලපත්‍ර
ලබා ගැනීමේ ක්‍රියාවලියේදී
රජයෙන් විශේෂ දායකත්වයක්
හිමි වූ අතර,
ඒ
සඳහා නුවරඑළිය දිස්ත්‍රික්
සංවර්ධන කමිටු සභාපති මංජුල
සුරවීර ආරච්චි මහතාගේ විශේෂ
මැදිහත්වීම සහ සහයෝගය ලැබිණි.
මෙම
බස් රථ සේවාව ආරම්භ කිරීමේ
උත්සව අවස්ථාව සඳහා පාර්ලිමේන්තු
මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලේසෙල්වි
මෙනවිය,
කොටගල
ප්‍රාදේශීය සභාවේ උප සභාපති,
තලවකැලේ
නගර සභා සභාපති ඇතුළු එම පක්ෂයේ
මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන්
විශාල පිරිසක් සහභාගි වූහ.
මෙම
බස් රථ සේවාව ආරම්භ කිරීමත්
සමඟ එම ප්‍රදේශයේ ජනතාවට තම
දෛනික ගමනාගමන කටයුතු පහසුවෙන්
සහ අඩු වියදමකින් ඉටු කර ගැනීමට
අවස්ථාව උදාවී ඇත.
– රංජිත්
රාජපක්ෂ







