හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ අමුතු පොරක් නොවේ යැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි.
“යුද්ධ කරන් හරි සුද්ද කරන්න හරි මේ රටේ නීතිය කාටත් එක විදිහට ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයයි. ඒ නිසා එයා බුද්ධි ප්‍රධානියා කියලා රටට අපරාධයක් කරලා තියෙනවා නම් ජනතාවගේ ජීවිතවලට හානියක් කරලා තියෙනවා නම් ඒකට වගකියන්න ඕන. සුරේෂ් සලේ කියන්නේ අමුතු පොරක් නෙමෙයි.”
අරුණ පනාගොඩ මහතා මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.







