Home World News Room : ඔස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් පාලක කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක්

News Room : ඔස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් පාලක කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක්

0
0

ඔස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් පාලක කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් අත්කරගත් බවත්, අගමැති ඇන්තනී ඇල්බනිසි පිට පිට දෙවැනි වරටත් අගමැතිධුරයට පත්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට පාර්ලිමේන්තුවේ ආසන 150ක් සඳහා මිලියන 18ක ඡන්දදායකයන් මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව සිටි අතර, රජයක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු ආසන 76 ඉක්මවා ආසන 86ක ජය අත්කර ගැනිමට කම්කරු පක්ෂයට හැකිවූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

62 හැවිරිදි අගමැතිවරයා හා කම්කරු පක්ෂයේ නායකයා පසුගිය දශක දෙක ඇතුළත අඛණ්ඩව දෙවැනි වරටත් අගමැතිධුරයට පත්වු පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක්වූ අතර, ජාතික සන්ධානයෙන් තරග වැදුණු ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ ලිබරල් පක්ෂයේ නායක සහ ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක පීටර් ඩට්න්ට කැන්බරා අගනුවර ඩික්සන් ප්‍රදේශයේ ඔහුගේ ආසනයෙන් ද පරාජයට පත්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායකයකු මහමැතිවරණයෙන් සහ සිය ආසනයෙන් පරාජයට පත්වූ පළමු අවස්ථාව ද එය වන බව වාර්තා වේ. එම ආසනයේ ජයග්‍රහණය ද කම්කරු පක්ෂයට හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here