Home World News Room : ඉන්දීය ගීතවලට පාකිස්තානයෙන් තහනමක් – දිනමිණ

News Room : ඉන්දීය ගීතවලට පාකිස්තානයෙන් තහනමක් – දිනමිණ

0
0

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගීත ඇතුළුව ඉන්දියාවේ සියලුම ගීත වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තානයේ එෆ්එම්. ගුවන්විදුලි විකාශනය තුළින් ඉවත් කිරීමට එරට විකාශන හිමිකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව පුරා සංගීතලෝලීන්ගේ මෙන්ම පාකිස්තානයේ මිලියන ගණනාවක ජනතාවගේ ආකර්ෂණය දිනාගත් ඉන්දීය ගීත පාකිස්තානයේ තහනම් කිරිමට පියවර ගෙන ඇත්තේ මේ වනවිට දෙරට අතර උද්ගත වී ඇති යුද උණුසුම හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පාකිස්තාන විකාශන හිමිකරුවන්ගේ සංගමය එරට එකමුතුභාවයට නිදසුනක් සපයමින් මෙවැනි අවස්ථාව එම තීරණය ගැනීම පාකිස්තාන ජනමාධ්‍ය ඇමැතිවරයාගේ ද පැසසුමට ලක්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පාකිස්තානය මේ පියවර ගනු ලැබුවේ එරට ජනප්‍රිය පුවත් සේවා සහ පුද්ගලයන්ගේ යූ ටියුබ් නාලිකා 16ක් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගැනීමෙන් පසුව බවද වාර්තා වේ. එම තීරණය ගනු ලැබුවේ ජනතාව ප්‍රකෝපකාරී කිරීමට සහ ජනවාර්ගිකත්වය හා සංවේදිත්වයට බලපෑම් එල්ල වන අසත්‍ය හා නොමඟ යවන සුළු ප්‍රකාශ හා වැරදි තොරතුරු ජනතාව අතරට එක්වීම වැළැක්වීමට බව ඉන්දියාව ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here