Home Politics News Room : දෙමළ ජනතා අභිලාෂයන් ඉටුකරන්න ඊ.පී.ඩී.පී.ය උතුරේ දෙමළ පක්ෂ සමඟ...

News Room : දෙමළ ජනතා අභිලාෂයන් ඉටුකරන්න ඊ.පී.ඩී.පී.ය උතුරේ දෙමළ පක්ෂ සමඟ එක්වෙනවා

2
0

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජනතාවගේ අභිලාෂයන් හා බලාපොරොත්තු ඉටු කිරීම පිණිස ඊ.පී.ඩී.පී. පක්ෂය උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ සමඟ එකතු වී කටයුතු කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පසුගිය දා (01) යාපනයේදී ප්‍රකාශ කළේය.

යාපනයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මේ බව ප්‍ර‍කාශ කළේය.

වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ සී.වී.කේ. ශිවඥානම් මහතා විවෘතව කළ ඉල්ලීම ගැන තමන්ද සලකා බැලුවා. සියලුම දෙමළ දේශපාලන පක්ෂ කටයුතු කරනු ලබන්නේ දෙමළ ජනතාවගේ යහපත උදෙසා බැවින් ඊ.පී.ඩී.පී. පක්ෂය ද එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් සමඟ එක් වී කටයුතු කිරීමට තීරණය කළා.

මේ පිළිබඳව ගෙන ඇති තීරණයෙන් පසුව එදා සිටම තමන් ඇතුළු තම පක්ෂයේ සාමාජිකයෝ දෙමළ ජනතාවට සේවය කිරීමට සියලු දෙනා සමඟ අත්වැල් බැඳ ගන්නවා.

මගේ දේශපාලන මෙහෙවර ක්‍රියාත්මක කළේ දෙමළ ජනතාවගේ දේශපාලන සංවර්ධනයට සහ දෛනික ගැටලුවලට විසඳුම් සෙවීමටයි. අවාසනාවකට මෙන්, බොහෝ අවස්ථාවන් තිබියදීත්, දෙමළ පක්ෂවලින් නිසි වේලාවට සහයෝගය නොලැබීම හේතුවෙන් ජනතාවට විසඳුමක් කරා ළඟා වීමට නොහැකි වුණා. දෙමළ පක්ෂ පළාත් පාලන මැතිවරණයට එක්සත් පෙරමුණක් ලෙස මුහුණ දිය යුතුද නැතහොත් මැතිවරණයෙන් පසු එකමුතුව කටයුතු කළ යුතුද යන්න පිළිබඳව දැනට විවාදයක් සිදුවෙමින් පවතිනවා. දෙමළ පක්ෂ පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන ආකාරය ගැන සමහර අය මට කතා කළා. එය මිත්‍රශීලි ආචාරශීලිත්වයක් ලෙස සිදු කළා හැර, නිල වශයෙන් කිසිවක් කතා කිරීමට හෝ සාකච්ඡා කිරීමට මට ආරාධනාවක් ලැබුණේ නැහැ. දැන් අවසාන තීරණය ලැබී තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේදී දෙමළ පක්ෂ සමඟ එක්වීමට අපි තීරණය කොට තිබෙනවා.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here