Home Politics News Room : රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මර්දනකාරී වැඩපිළිවෙළක් ගෙන යනවා -විපක්ෂ නායක...

News Room : රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මර්දනකාරී වැඩපිළිවෙළක් ගෙන යනවා -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

3
0

2019 වසරේ සිට රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරනු ලබන සුජීව අමරසේන මහතාගේ මර්දනකාරී වැඩපිළිවෙළ යටතේ සරසවි ප්‍රජාව දැඩි බලපෑමට ලක්ව ඇති බව වාර්තා වෙනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවැසීය.‍

තවදුරටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය (FUTA) මඟින් මෙම උපකුලපතිවරයාගේ මර්දනකාරී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර 5ක් යටතේ සාක්ෂි 86ක් සහිතව සකස් කෙරුණු සවිස්තර වාර්තාවක් අධ්‍යාපන ඇමැතිවරයාට ලබා දී තිබෙනවා.

අධ්‍යාපන ඇමැතිවරයා මේ පිළිබඳව නිසි බලධරයන් පත්කොට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පවසා තිබෙනවා.

මීට අමතරව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ (FUTA) ලේකම් සහ රුහුණු විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයෙක් වන රොහාන් ලක්සිරි මහතා ඝාතනයට තැත්කිරීම පිළිබඳව විශ්වවිද්‍යාලයේ පරිපාලනයට ද චෝදනා නැ‍ඟෙනවා. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය ද කුමක්ද?

විශ්වවිද්‍යාලයක් පැවතිය යුතු නිදහස්, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැක්වීමේ ඉඩකඩ නැති කර, අත්තනෝමතික ලෙස මර්දනකාරී සංස්කෘතියක් ඇති කරන්න උපකුලපතිවරයා කටයුතු කර තිබෙනවා. සිසුන්ට සමාජ ජාලා භාවිත කරමින් සන්නිවේදනය කරන්න සීමා පනවා ඇති බව වාර්තා වෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here