Home Local News Room : ටිල්වින්ට ගුටි බැට ඇනලාද..

News Room : ටිල්වින්ට ගුටි බැට ඇනලාද..

0
0

 පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී තමන්ට පහරදීමක් සිදුවූ බවට සහ ඉන් තුවාල ලබා තමන් රෝහල්ගත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

තමන්ට එරෙහිව මෙවැනි අසත්‍ය ප්‍රචාරයක් දියත් කර ඇත්තේ ජාතික ජන බලවේගය විසින් ලෝක වාර්තාවක් තබමින් දිස්ත්‍රික්ක 21ක පවත්වන ලද ඓතිහාසික මැයි රැලියෙන් පසු දේශපාලනිකව බංකොලොත් වූ කණ්ඩායම් බව ඔහු පෙන්වා දෙයි. 

“මෙය දේශපාලන බංකොලොත්භාවය සහ මන්දබුද්ධිකත්වය නිසා මඩ ගැසීමට සිදුකරන පහත් ක්‍රියාවක්” බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

මෙවැනි පුවත් පළ කිරීමට පෙර අවම වශයෙන් තමන්ට දුරකථන ඇමතුමක් හෝ ලබා දී එම තොරතුරු තහවුරු කර ගැනීමට මාධ්‍යවේදීන්ට සහ සමාජ මාධ්‍ය හසුරුවන්නන්ට වගකීමක් ඇති බව සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය. 

කිසිදු විචාර බුද්ධියක් නොමැතිව මෙවැනි අසත්‍ය තොරතුරු කර තියාගෙන යන දේශපාලන කණ්ඩායම් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බවද ඔහු සඳහන් කරයි.

තමන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, මෙම අසත්‍ය පුවත් නිර්මාණය කරන පුද්ගලයන් රාත්‍රියට දකින හීන උදෑසන පෝස්ට් ලෙස පළ කරන බවත් පවසන ලේකම්වරයා, මෙවැනි හාස්‍යජනක මඩ ප්‍රචාර හරහා තම ව්‍යාපාරයේ ජනවරම පරාජය කළ නොහැකි බවද අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here