කටාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට ගොස් එහි ඕමාන ජාතික අයිතිකරුට පහර දීමේ සිද්ධියට වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව ආයෝජන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවැසීය.
තවදුරටත් රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා මෙසේ ද පැවසීය.
මේ සම්බන්ධයෙන් පොලිසියේ කටයුතු පිළිබඳ සෑහීමකට පත්වන්න බැහැ. එම නිසා අපරාධ කටයුතු දෙපාර්තමේන්තුවට බාර දී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරවන්න.
ඊට අදාළ කටයුතු නිසියාකාරව සිදුවනවාද යන්න ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙසත්, පෞද්ගලිකවත් මැදිහත්ව සොයා බලනවා.
එම සිද්ධිය පිළිබඳව ඕමාන තානාපති කාර්යාලය ද බරපතළ ලෙස කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා. මෙය රටට සිදු වූ බරපතළ හානියක්.