Home Politics News Room : ඉදිරියේ දී සමඟි ජන බලවේගය තුළ ඉතිරි වන්නේ සජිත්...

News Room : ඉදිරියේ දී සමඟි ජන බලවේගය තුළ ඉතිරි වන්නේ සජිත් සහ ලක්ෂ්මන් විතරයි -මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

3
0

ඉදිරියේ දී සමඟි ජන බලවේගය තුළ ඉතිරි වන්නේ සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන් ඇතුළු දෙදෙනෙක් පමණක් බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවැසීය.

ආනයන අපනයන රේගුලාසි සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

තවදුරටත් මෙසේ ද පැවසීය.

පසුගිය දිනක එම පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වන පිරිසගේ ලැයිස්තුවක් ගැන කොළඹ නිවෙසක දී සාකච්ඡා කළා. අවශ්‍ය නම් ඒ පිළිබඳ තොරතුරු දිය හැකියි. සමඟි ජන බලවේගයෙන් එක් අයෙක් හෝ ආණ්ඩුවට එක් වෙනවා. එසේ විපක්ෂයෙන් ආණ්ඩුවට නාවොත් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here