මෙම වසරේ පසුගිය ඔක්තෝබර් මස 31 වනදා වනවිට ගතවූ පළමු මාස 10 තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,861ක් ලැබී ඇතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් අල්ලස් හා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබී ඇති අතර එම පැමිණිලි සංඛ්‍යාව 620කි.
මීට අමතරව වත්කම්වලට අදාළ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 64ක් ලැබී ඇති බව සඳහන් කළ එම කොමිසම ලැබුණු පැමිණිලිවලට අදාළව වැටලීම් 50ක් පමණ සිදුකර ඇති බව සඳහන් කරයි.
අල්ලස් කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි පිළිබඳව ආයතන මට්ටමින් පැමිණිලි 72කට අදාළව වාර්තා කැඳවා ඇති අතර තවත් පැමිණිලි 328ක් වැඩිදුර විමර්ශන සඳහා වෙනත් ආයතන වෙත යොමු කර ඇති බව සඳහන් කරයි.
කොමිසම වෙත ලැබුණු පැමිණිලිවලින් අල්ලස් පනතට අදාළ නොවන පැමිණිලි 719ක විමර්ශන පැවැත්වීම අත්හිටුවා ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසයි.