තරුණියකට අතවර කිරීමේ චෝදනා මත මේ වනවිට ධනුෂ්ක ගුණතිලක සිටින්නේ ඔස්ට්‍රේලියාවේ සිරමැදිරියකය.
ඔහුට ඇප ලබා ගැනීම සදහා නීතීඥයන් මෙන්ම කණ්ඩායමේ සගයන්ද සිටින්නේ විවිධ මට්ටමේ උත්සාහයන් දරමිනි.
ඒ අතරවාරයේ ධනුෂ්ක ගුණතිලකගේ මව පසුගිය දිනෙක අම්බලන්ගොඩ වෙරළ තීරයට පැමිණ සිය පුත්‍රයාට නිදහස පතා කැස්බෑ පැටවුන් මුහුදට නිදහස් කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.






