Home Local News Room : අලුත් අන්තරේ බැසිල්ගේ කියන මල්වානේ නිවසට පැන අල්ලාගනී.. පොලිසියෙන්...

News Room : අලුත් අන්තරේ බැසිල්ගේ කියන මල්වානේ නිවසට පැන අල්ලාගනී.. පොලිසියෙන් ලොකු බාදාවක් නෑ…

0
0

 මල්වාන
ප්‍රදේශයේ පිහිටි
,
අයිතිකරුවකු
ඉදිරිපත් නොවූ අක්කර
15
ඉඩම සහ එහි ඇති නිවස විශ්වවිද්‍යාල
පද්ධතියේ ප්‍රයෝජනය සඳහා
ලබාදෙන ලෙස බල කරමින් අන්තර්
විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය
බලමණ්ඩලය අද
(14) සිය
විරෝධය පළ කරන ලදී
.

මහජනතාවගෙන්
සොරාගත් දේපොළ යළි ජනසතු කරන
බවට වත්මන් රජය බලයට පත්වීමේදී
වූ පොරොන්දුව සිහිපත් කරමින්
,
මෙම දේපොළ
ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල
සඳහා හෝ පොදු අරමුණක් වෙනුවෙන්
පවරා ගන්නා ලෙස සිසුහු මෙහිදී
රජයෙන් ඉල්ලා සිටියහ
.

මෙම දේපොළ
තමාට අයත් නොවන බව බැසිල්
රාජපක්ෂ මහතා නීතිඥයන් මාර්ගයෙන්
අධිකරණයට දන්වා තිබීම හේතුවෙන්
,
හිමිකරුවකු
නොමැති දේපොළක් ලෙස සලකා මෙය
අධිකරණ අමාත්‍යාංශය යටතට
පවරා ගැනුණි
.

අදාළ ඉඩම
සහ නිවස වෙන්දේසි කිරීමට
අධිකරණය නියෝග කර තිබූ අතර
,
පසුගිය අරගල
සමයේදී සිදුවූ ගිනි තැබීමකින්
නිවසේ කොටසකට හානි සිදුවිය
.

මීට පෙර
මෙම ස්ථානයේ ජාත්‍යන්තර
විනිසුරු පර්යේෂණ සහ පුහුණු
මධ්‍යස්ථානයක් ඉදිකිරීමට
සැලසුම් කර තිබුණද
, දීර්ඝ
කාලයක් තිස්සේ එම කටයුතු
අකර්මන්‍යව පැවතිණි
.

පවතින ඉඩකඩ
ගැටලුවලට විසඳුමක් ලෙස
,
අතහැර දමා
ඇති මෙම මල්වාන දේපොළ තමන්ට
පවරා දෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය
ශිෂ්‍ය බලමණ්ඩලය සිය විරෝධතාවය
හරහා අවධාරණය කර සිටියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here