ආසියානු සත් සාමාජික තරඟාවලියට සහභාගී වීම සඳහා මේ වනවිට දකුණු කොරියාවට ගොස් සිටින ශ්රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන දුලානි පල්ලෙකොණ්ඩගේ අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.
ඇය ඊයේ (13) දිනයේ දී සිය තරඟයටද එක්වී ඇති අතර ඉන් අනුව ඇය අනතුරුව තිබේ.
සිය කණ්ඩායමේ සාමාජිකාවක් මෙලෙස අතුරුදන් වීම සම්බන්ධයෙන් රග්බි කණ්ඩායමේ කළමනාකරු විසින් කොරියානු රග්බි සංමගයේ නිලධාරීන් මාර්ගයෙන් පොලිසියට දන්වා ඇතැයිද මේ වනවිට ඉන්චියොන් හි නැම්ඩො පොලිසිය ඇය සොයා විමර්ශන ආරම්භ කර ඇතැයිද පැවෙස්.
තරගාවලියට සහභාගි වූ ශ්රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අද (14) පෙරවරු 11.30ට පමණ ඉන්චියොන් ගුවන් තොටුපළෙන් ශ්රී ලංකාව බලා පිටත්ව යාමට නියමිතය.ෙ.