හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී විදේශ පුහුණුවීම් සඳහා තෝරා ගත් ආකාරය සම්බන්ධයෙනි.
තේරීම් ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවකරුවන් කිහිප දෙනෙකුගෙන් මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිත බවද වාර්තා වේ.
යෝෂිත රාජපක්ෂ සහභාගී වූ ප්‍රධාන විදේශීය පාඨමාලාවලින් එකක් වූයේ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ ආයතනයක් වන Dartmouth ලෙසින් ප්‍රසිද්ධියට පත් Britannia Naval Collegeහි පාඨමාලාවය.