ලබන සදුදා සහ අගහරුවාදා දිනවල ඊජිප්තුවේ පැවැත්වීමට නියමිත cop 27 දේශගුණික විපර්යාස සමුලුව සදහා ලොව ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයන් රැසක් සහභාගී නොවන බව මේ වනවිට තහවුරු කොට ඇත.
ඒ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ චීන ජනාධිපති ෂී ජින්පින්ද සිටිති.
කෙසේවෙතත් යුරෝපා කලාපයේ රාජ්‍ය නායකයන් ඊට සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්ද පවසා සිටියේ රටේ පවතින ආර්ථික ගැටලු හේතුවෙන් හෙතෙම ඊට සහභාගී නොවන බවකි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී ඊට සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.






