26
පාකිස්තානය සමඟ යුද තත්ත්වයක අවදානමක් මතුවී ඇති බැවින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු සංචාරය අවලංගු කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
දෙවැනි ලෝක මහා යුද්ධයෙන් නාසි හමුදාවට එරෙහිව ජයග්‍රහණය අත්කර ගැනීමේ 80 වැනි සංවත්සරය සැමරීමේ උත්සවයට සහභාගි වීමට රුසියාවෙන් ලැබූ ඇරියුමක් මත ඉන්දීය අගමැතිවරයා මොස්කව් නුවර බලා පියාසර කිරීමට නියමිතව සිටි බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
කාශ්මීරයේ පැහැල්ගාම් ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන විට අගමැතිවරයා සෞදි අරාබියේ සංචාරයක නිරතව සිටි බවත්, ප්‍රහාරය සිදුවූ විගස එම සංචාරය අවලංගු කර යළි ඉන්දියාව පැමිණි බවත් වාර්තා වේ.
ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ගත වූ දින කිහිපය තුළ ඉන්දීය අගමැතිවරයා එරට ආරක්ෂක ප්‍රධානින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, පසුව ආරක්ෂක කැබිනෙට්ටුවේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක්වූ බව වාර්තා වේ.