Home Local News Room : තවත් ණය වැඩසටහනකට යනවාදැයි ශ‍්‍රී ලංකාව තීරණය කල යුතුයි..-...

News Room : තවත් ණය වැඩසටහනකට යනවාදැයි ශ‍්‍රී ලංකාව තීරණය කල යුතුයි..- IMF ~

0
0
දැනට ක්‍රියාත්මක වැඩසටහන අවසන් වූ පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ නව ණය වැඩසටහනකට එළඹෙන්නේද යන්න තීරණය කිරීමේ පූර්ණ බලය ශ්‍රී ලංකාවේ බලධාරීන් සතු බව එම අරමුදලේ මෙරට නේවාසික නියෝජිත මාර්ෂා වෙස්ටායේ වොල්ඩෙමාරියම් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 18 වැනි ණය වැඩසටහනකට ද අවතීර්ණ වනු ඇති බවට විවිධ පාර්ශ්ව පළ කරන අදහස් පිළිබඳව කළ විමසීමකදී ඇය මේ බව සඳහන් කළාය.

දැනට ක්‍රියාත්මක විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ (EFF) පස්වැනි සහ හයවැනි සමාලෝචනවලදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය මූල්‍ය අරමුදල විසින් ශක්තිමත්ව තක්සේරු කර ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.

මෙම ණය වැඩසටහන යටතේ තවත් සමාලෝචන දෙකක් සිදු කිරීමට නියමිතව ඇති අතර, එම කටයුතු 2027 වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිතය.

දැනට රජය සහ මූල්‍ය අරමුදල ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ දැනට පවතින ණය වැඩසටහන නියමිත පරිදි සාර්ථකව අවසන් කිරීමට බවත්, ඉන් අනතුරුව තවත් වැඩසටහනකට යොමු වන්නේද යන්න මෙරට බලධාරීන් සමඟ සිදුකරන සාකච්ඡා මත තීරණය වනු ඇති බවත් නියෝජිතවරිය වැඩිදුරටත් කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here