Home Local News Room : මට ගැහුවේ එයා එද්දි කැප් එක දාගෙන හිටියේ නෑ...

News Room : මට ගැහුවේ එයා එද්දි කැප් එක දාගෙන හිටියේ නෑ කියලා,අපේ ETF එකත් කපලා – මිස්ටර් කොත්තු විරාජ්ගේ පහරදීමට ලක්වූ තරුණයා කියයි (VIDEO) ~

0
0
ප්‍රසිද්ධ ආහාර ආයතනයක් වන ‘මිස්ටර් කොත්තු’හි සේවය කළ තරුණයෙකු තමන්ට එම ආයතනයේ හිමිකාරිත්වය විසින් සිදු කළ පහරදීම සහ සේවා ස්ථානයේ සිදුවන අක්‍රමිකතා පිළිබඳව හෙළිදරව් කර තිබේ.

තමන් එම ආයතනයේ වසර 04ක කාලයක් සේවය කළත්, එම කාලය පුරාම තමන්ගේ ETF (සේවක භාර අරමුදල්) දායක මුදල් නිසි ලෙස ගෙවා නොමැති බව ඔහු පවසයි.

තමන්ට එදින අමානුෂික ලෙස පහර දීමට හේතු වූයේ ඉතා සුළු සිදුවීමක් බවත්, සේවයේ නිරතව සිටියදී තමන් ‘කැප් එක’ (හිස් වැස්ම) නොදැමීම ඊට හේතු වූ බවත් ඔහු පෙන්වා දෙයි. සුළු විනය කඩවීමක් ලෙස සැලකිය හැකි කරුණක් වෙනුවෙන් මෙවැනි පහරදීමක් සිදු කිරීම බරපතළ ගැටලුවක් බවත්, තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවත් එම තරුණයා අවධාරණය කරයි.

Play

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here