Home Local News Room : අල්ලස් කොමිසම ඇමැති පුත්තු 10ක් හා ඇමති ඥාතීන් පිරිසක්...

News Room : අල්ලස් කොමිසම ඇමැති පුත්තු 10ක් හා ඇමති ඥාතීන් පිරිසක් පස්සේ පන්නයි ~

0
0
අල්ලස් දූෂණ සහ විවිධ අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති හිටපු ඇමතිවරුන්ගේ පුත්තු දස දෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශ කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ අතර, පාතාලය සමග සබඳතා පැවැත්වූ ඇමැතිවරුන්ගේ පුත්තු කිහිප දෙනකු සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන පවත්වන බවද වාර්තා වේ.

එම පිරිස් විදේශයන්ට  පලා යෑම වැළැක්වීම සඳහාද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති .බව පැවසේ.

විවිධ දූෂණ චෝදනා සහ  පාතාලය සමඟ ගනුදෙනු පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන්  ඇතුළු දේශපාලනඥයන්ගේ පුත්තු තිදෙනෙක් දැනටමත් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 

අල්ලස්  චෝදනාවක් සම්බන්ධයෙන් මෑතදී අත්අඩංගුවට  ගැනුණේ හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන රඛිත රාජපක්ෂ මහතාය.

බොහොමයක් ඇමති පුත්තු පසුගිය රජයන් කාලයේදී සිය පියවරුන්ගේ බලය පාවිච්චි කරමින්  විවිධ  දූෂණ සහ අක්‍රමිකතා කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇති බවද පැවසේ 

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුj ඇතැම් සිද්ධීන් වලට හිටපු ඇමති පියවරුන් සෘජුවම උදව් කර ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

මේ අනුව එම හිටපු ඇමතිවරුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පැවසේ.

මීට අමතරව විවිධ දූෂණ චෝදනා එල්ල වී ඇති හිටපු ඇමතිවරුන්ගේ ඥාතීන් පිරිසක් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති  බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මූලාශ්‍රය – ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here