Home Local News Room : ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක්! ජේ ෂා සහ ජනාධිපති අනුර...

News Room : ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක්! ජේ ෂා සහ ජනාධිපති අනුර හමුව ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා මෙන්න ~

0
0
ශම්මි සිල්වා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නෙරපා හැරීමෙන් පසු පත් කරන ලද, අන්තර්කාලීන කමිටුව සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය සහ ක්‍රිකට් පාලන මණ්ඩලයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණ.

ක්‍රිකට් පාලන මණ්ඩලවල ස්වාධීනත්වය සහ රජයේ හෝ දේශපාලන මැදිහත්වීම්වලින් තොරව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ICC රෙගුලාසි මගින් දැඩි ලෙස අවධාරණය කර ඇතත්, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් අන්තර්කාලීන කමිටුවක් පත් කිරීම හරහා රජයේ මැදිහත්වීමක් සිදුවී ඇති බවට චෝදනා එල්ල වී ඇත. ICC රෙගුලාසි උල්ලංඝනය කිරීමක් ලෙස මෙය සලකන්නේ නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බව එම හමුවේදී සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි,

කඩිනමින් නිලවරණයක් පවත්වා නව පාලන මණ්ඩලයක් පත් කරගන්නා ලෙස ICC මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලි ද සිල්වා මහතා වෙත දන්වා ඇති බව ද එම මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර රජයේ මැදිහත්වීම් හේතුවෙන් 2019 වසරේදී සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට පැනවූ තහනම සහ මූල්‍ය ආධාර අත්හිටුවීම වැනි තත්ත්වයන් සිහිපත් කරමින්, මෙවැනි ක්‍රියාමාර්ග මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට යා හැකි බවට එම සාකච්ඡා වේදී අනතුරු අඟවා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here