Home Local News Room : සලේ ඇතුළු බුද්ධි අංශ පාස්කු ප‍්‍රහාරය කලා නම් ඇමරිකාවෙන්...

News Room : සලේ ඇතුළු බුද්ධි අංශ පාස්කු ප‍්‍රහාරය කලා නම් ඇමරිකාවෙන් UNHRC වෙත ලංකාවට එරෙහි යෝජනාවක්! ~

0
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව පවතින විමර්ශන සම්බන්ධයෙන් නීතීඥ සංජීව වීරවික‍්‍රම මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඔහු පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය යන දෙකම 2024 වසරේදී මිලදී ගත් ඒවා බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයකට මෙතරම් මෑතකදී මිලදී ගත් උපකරණ කෙසේ අදාළ වන්නේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

එමෙන්ම, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය ඇතුළු ලොව ප්‍රධාන බුද්ධි අංශ මැනවින් අධ්‍යයනය කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ හෝ හමුදාව මෙම ප්‍රහාරයට වගකිවයුතු බවට සාක්ෂි තිබුණේ නම් අමෙරිකාව හෝ යුරෝපා සංගමය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා බුද්ධි අංශ හෝ හමුදාව මිනිස්සු මරා ඇති බවට සහ ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බවට ජාත්‍යන්තර සංවිධාන මෙතෙක් යෝජනා ගෙන නොඒමට හේතුව වන්නේ ඔවුන් සතුව නිවැරදි තොරතුරු තිබීම බව ඔහු පෙන්වා දෙයි.

“අමෙරිකා එක්සත් ජනපදය සහ ලෝකයේ අනෙකුත් ප්‍රධාන බුද්ධි අංශ කිහිපය මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කර තිබෙනවා. එසේ නම්, ලංකාවේ බුද්ධි අංශවලට සහ යුද්ධ හමුදාවට විරුද්ධව අමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් නොකරන්නේ මන්ද?

ලංකාවේ බුද්ධි අංශ සහ යුද්ධ හමුදාව විසින් මිනිසුන් ඝාතනය කර ඇති බවටත්, ඊට විරුද්ධව මානව හිමිකම් අපරාධ චෝදනා යටතේ ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බවටත් යුරෝපා සංගමය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනාවක් ගෙන නොඑන්නේ ඇයිද යන්න අප හොඳින් මතක තබා ගත යුතුයි.

අතිඋතුම් කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාවේ කිහිප දෙනෙකු මේ ප්‍රකාශය සිදු කරද්දී, අමෙරිකා එක්සත් ජනපදය ඒ පිළිබඳව මේ වන තෙක් කිසිදු අදහසක් දක්වා නැහැ. ඊට හේතුව අමෙරිකා එක්සත් ජනපදය මෙහි සැබෑ සාක්ෂි දන්නා බැවිනි. එමෙන්ම මෙම විමර්ශනවලට අදාළ කිසිදු සම්බන්ධයක් (හෝ වගකීමක්) මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි සතුව නැත.”

අති උතුම් කාදිනල් හිමිපාණන් ඇතුළු පිරිසක් කුමන්ත්‍රණ චෝදනා එල්ල කළද, අමෙරිකාව මේ දක්වා එම කතාව තහවුරු කර නොමැති බවත්, ඊට හේතුව අමෙරිකාව මෙම සිදුවීමේ සත්‍ය සාක්ෂි දන්නා නිසා බවත් නීතීඥවරයා අවධාරණය කළේය.

මෙම විමර්ශනවලට අදාළ කිසිදු සාක්ෂියක් මේ වන විට ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් අනාවරණය වී නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here