Home Local News Room : මාලිමා මැයි රැලියට ආ බස්වලින් පිට්ටනි පිරී යයි..

News Room : මාලිමා මැයි රැලියට ආ බස්වලින් පිට්ටනි පිරී යයි..

0
0

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැළිය අද (01) පෙරවරුවේ නුවරඑළිය නගරයේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. මෙම රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගය මෙවර දිවයින පුරා ප්‍රධාන මැයි දින රැළි සහ පෙළපාළි 21ක් සංවිධානය කර ඇති අතර, නුවරඑළිය රැලිය ඉන් ප්‍රධාන එකකි.

නුවරඑළිය මැයි දින රැළිය සඳහා සහභාගී වීමට විවිධ ප්‍රදේශවලින් විශාල ජනතාවක් පැමිණ සිටියහ. 

ඒම ජනතාව රැගෙන පැමිණි බස් රථ විශාල ප්‍රමාණයක් නගරය ආසන්නයේ පිහිටි ක්‍රීඩාංගණයක ගාල් කර ඇති අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල ද බහුලව හුවමාරු වෙමින් පවතී.

විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම රැළිය හේතුවෙන් නුවරඑළිය නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබින.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here