2026
වර්ෂයේ
1 ශ්‍රේණිය
II සහ
III වන
වාරවලට අදාළ ක්‍රියාකාරකම්
පොත් බෙදා හැරීම මේ වන විට
ආරම්භ කර ඇති අතර 2026.04.30
දින
වන විට සියලුම පාසල් වෙත බෙදාහැර
අවසන් කිරීමට නියමිත ය.
1 ශ්‍රේණිය
විෂයමාලා දැනුවත් කිරීම සහ
ගුරු පුහුණුව,
පළාත්
ප්‍රාථමික විෂය අධ්‍යක්ෂවරුන්,
ගුරු
උපදේශකවරුන්,
පුහුණුකරුවන්
සහ ගුරුවරුන් සඳහා මේ වන විට
ලබා දී ඇති අතර අවශ්‍ය අමතර
පුහුණු කිරීම් 2026.05.16
දින වන
විට අවසන් කිරීමට පළාත්
අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස්
දී ඇත.
තවද 1
ශ්‍රේණිය,
I වන වාරය
විෂය කොටස් ආවරණය කිරීමට
නොහැකි වූ පාසල් පවතී නම්
එළඹෙන II
වන පාසල්
වාරයේදී එම විෂය කොටස් සම්පූර්ණ
කර ගැනීමට විදුහල්පතිවරුන්
විසින් කටයුතු කරනු ඇත.







