හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ ඔහුගේ පුත් රඛිත රාජපක්ෂ යන මහත්වරුන් විසින් ”Truth with Chamuditha” (ට්‍රෲත් විත් චමුදිත) යූ ටියුබ් නාළිකාවට එරෙහිව ලබාගෙන තිබූ වාරණ නියෝගය අභියෝගයට ලක්කරමින් අධිකරණය හමුවට යෑමට එම යූ ටියුබ් නාළිකාවේ හිමිකරු වන ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය කටයුතු සිදුකරමින් පවතින අතර ඉදිරි දින කීපයේදී අධිකරණය වෙත ගොස් එම වාරණ නියෝගය අභියෝගයට ලක් කරමින් නඩුවක් පැවරීමට ඒ මහතා සූදානම් වෙමින් සිටියි.
රඛිත රාජපක්ෂ මහතා හරක් කටා නමැති පාතාල නායකයාගෙන් අල්ලස් මුදල් ලබාගත් බවට හෙළිදරව්වක් කරමින් චමුදිත සමරවික්‍රම මහතා සහ කිර්ති රත්නායක අතර පැවති සම්මුඛ සාකච්ඡාවක් ඉකුත් 2025 වර්ෂයේ දී මෙම යූ ටියුබ් නාළිකාව හරහා ප්‍රසිද්ධ කර තිබිණි.
මෙම සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය වීමත් සමගම ඊට විරුද්ධව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කර තිබිණි.
මේ පුවත තව අයට බලන්න







