Home Local News Room : විදුලි අර්බුදයට ලෑස්ති වෙයි.. දැවිතෙල් 30,000MT කට ලංසු කැදවයි..

News Room : විදුලි අර්බුදයට ලෑස්ති වෙයි.. දැවිතෙල් 30,000MT කට ලංසු කැදවයි..

0
0


එළඹෙනු ඇතැයි
අනුමාන කෙරෙන දැඩි නියං සහිත
තත්ත්වය හේතුවෙන් විදුලි
උත්පාදනයට එල්ල විය හැකි බාධා
මැඩලීම සඳහා ලංකා ඛනිජ තෙල්
නීතිගත සංස්ථාව පූර්ව සූදානමක
නිරත වෙයි
.


අනුව
, බලාගාර
ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය
දැවි තෙල් මෙට්‍රික් ටොන්
30,000ක්
විදේශයන්ගෙන් ලබාගැනීමට මේ
වන විට ලංසු කැඳවා තිබේ
.

අදාළ
ටෙන්ඩර් පත්‍රිකා විවෘත කිරීම
මෙම මස
17 වැනිදා
සිදු කිරීමට නියමිත බව සංස්ථාවේ
උසස් නිලධාරියෙකු තහවුරු
කළේය
.

බලශක්ති
අමාත්‍යාංශයේ මූලාශ්‍ර පෙන්වා
දෙන්නේ ඉදිරි කාලසීමාව තුළ
කාලගුණික විපර්යාස මත ජල
විදුලි නිෂ්පාදනය අවම මට්ටමකට
වැටෙනු ඇති බවයි
.

මේ
හේතුවෙන් උණුසුම් හා වියළි
කාලගුණික තත්ත්වය තුළ විදුලි
ඉල්ලුම සපුරාලීමට තාප විදුලි
බලාගාර මත වැඩි වශයෙන් යැපීමට
සිදුවේ
.

අඛණ්ඩ
විදුලි සැපයුමක් සහතික කිරීම
සඳහා තාප විදුලි ජනනය සියයට
80ක්
වැනි ඉහළ අගයක් දක්වා වර්ධනය
කිරීමට සැලසුම් කර ඇත
.

කිසිදු
බාධාවකින් තොරව ඉන්ධන අවශ්‍යතාව
සපුරාලීම රජයේ මූලික අරමුණයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here