Home Local News Room : ප‍්‍රතිව්‍යුහගතකරණය නවත්වන්නෑ..- CEB නිවේදනයක්..

News Room : ප‍්‍රතිව්‍යුහගතකරණය නවත්වන්නෑ..- CEB නිවේදනයක්..

0
0

 

ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට

රටේ අනාගත විදුලිබල අවශ්‍යතාවන් හා අරමුණු ඉෂ්ඨ කරගැනීම පෙරදැරි කර ගෙන ක්‍රියාත්මක කරන ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් එහි අවසන් අදියරට ලඟා වෙමින් පවතින බව ඉතා සතුටින් දන්වා සිටිමු.

විදුලිබල ක්ෂේත්‍රයට අදාළ සියලුම වර්ගයේ පාර්ශවකරුවන් සහ කොටස්කරුවන් සමග පුළුල් සාකච්ඡාවකින් පසු; විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සහ වෘත්තීය සමිති සමග ඔවුන්ගේ ගැටළු, ඉල්ලීම් හා සුබ සාධනයට අදාල සියලුම කටයුතු ඉතා හොඳ සාකච්ඡාවකින් පසු ඉටු කළ හැකි සියලුම ඉල්ලීම් ඉටුකරමින් මේ ක්‍රියාවලිය නොනවත්වා ඉදිරියට ගෙන යාමට මෙතෙක් කටයුතු කරන ලදී.

ඒ අනුව විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුව ජාතික අවශ්‍යතාවක් බව වටහාගෙන සේවකයින්, පාරිභෝගිකයින් විශේෂයෙන්ම වෘත්තීය සමිති ඇතුළු සියලු දෙනා ලබා දුන් අඛණ්ඩ සහයෝගය ඉදිරියටත් මෙම ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය සඳහා ලබා දෙනු ඇතැයි ලංවිම පාලනාධිකාරිය උදක්ම බලාපොරොත්තු වෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here