Home Local News Room : ඒ මොඩුයුලම ඉල්ලා විරෝධතා.. පාසල් දරුවන්ද එක්කර ගනිති..

News Room : ඒ මොඩුයුලම ඉල්ලා විරෝධතා.. පාසල් දරුවන්ද එක්කර ගනිති..

1
0

ලබන
වසරට කල් දැමූ 06  ශ්‍රේණියේ අධ්‍යාපන
ප්‍රතිසංස්කරණ නැවත  ක්‍රියාත්මක කරන ලෙස
ඉල්ලා
, ආණ්ඩුවට එරෙහිව විරෝධය දක්වමින්  නාවලපිටිය ප්‍රදේශයේ හය වසර සිසුන්ගේ දෙමාපියන්
පිරිසක් හා ගුරුවරුන් පිරිසක් (
24) දින නාවලපිටිය නගර මධ්‍යයේදී විරෝධතාවයක නියැලිණ.

ආණ්ඩුව
ළමුන්ට ලබා දුන් පොරොන්දු මෙසේ බිඳ දමමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට
කල්දැමීම තවදුරටත් සිදු කරන්නේ නම් ලංකාව පුරාම සිටින දෙමාපියන් එකතුව අධ්‍යාපන
අමාත්‍යංශය ඉදිරිපිට නැවත අරගලයක් කිරීමට සූදානම් බවත්, එයට ප්‍රථම සතියක් වැනි
කාලයක් තුළ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර තම දරුවන්ට නව ලෝකයට යාමට අවශ්‍යය
අවස්ථාව සලසා දෙන මෙන් විරෝධකරුවන් ඉල්ලා සිටියහ.

රංජිත් රාජපක්ෂ              

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here