33
දකුණු චීනයේ වියට්නාමයට ආසන්නව පිහිටි ගුවැන්ෂී ප්‍රාන්තයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් සිදුවූ භෝග වගාවෙන් එරට ආර්ථිකයට යුවෑන් මිලියන 210ක පාඩුවක් සිදුවී ඇතැයි චයිනා ඩේලි පුවත් සේවය වාර්තා කළේය. එම ප්‍රාන්තයට අප්‍රේල් මාසයක එවැනි උෂ්ණත්වයක් හටගෙන ඇත්තේ වසර 64කට පසුව බව ද චයිනා ඩේලි පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. දරුණු නියඟ තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා වාරිමාර්ග පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආයෝජන ඉහළ දැමීම වැනි පියවර රැසක් ගෙන ඇතැයි එරට ජලසම්පත් අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව චයිනා ඩේලි පුවත් සේවය සඳහන් කළේය.
පසුගිය නොවැම්බරයේ සිට අපේක්ෂා කළ වර්ෂාපතනය පෙර වසරවලට වඩා 70% කින් පහළ වැටීම උෂ්ණත්වය ඉහළ යෑමට සහ නියඟ තත්ත්වයක් උද්ගත වීමට හේතු වී ඇති අතර, මේ වනවිට එම ප්‍රාන්තයේ හෙක්ටයාර් 51,300කට නියඟ තත්ත්වය බලපා ඇතැයි ද වාර්තා වේ.







