Home World News Room : පැය 15ක් මාධ්‍ය හමුවක් අමතා මාලදිවයින ජනපතිගෙන් ලෝක වාර්තාවක්

News Room : පැය 15ක් මාධ්‍ය හමුවක් අමතා මාලදිවයින ජනපතිගෙන් ලෝක වාර්තාවක්

1
0

මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු පැය 15කට ආසන්න කාලයක් මාධ්‍ය හමුවක් අමතා ලෝක වාර්තාවක් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

46 හැවිරිදි ජනාධිපතිවරයා පසුගියදා මේ මාධ්‍ය හමුවේදී පැය 14කුත්, මිනිත්තු 54ක කාලයක් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ බවත්, එම කාලය අතරතුර යාඥා කිරීම සඳහා පමණක් කෙටි විවේකයක් ලබා ගත් බවත් මාලදිවයින ජනාධිපති කාර්යාලය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මාලදිවයින ජනාධිපතිවරයා බිඳ දැමුවේ වසර 2019 දී යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි විසින් පැය 14ක කාලයක් මාධ්‍ය හමුවකට එක්වීමේ වාර්තාව බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඊට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here