Home Politics News Room : හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හැංගිලා

News Room : හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හැංගිලා

0
0

අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ මඟින් නියෝග කර ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට සැඟව සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (01) ප්‍රකාශ කළේය.

හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මඟින් නියෝගයක් නිකුත් කර ඇති බවත් ඒ මහතා පැවසීය. හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ස්වාධීනව කටයුතු කරමින් සිටින බව ද සුනිල් වටගල මහතා කීය.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මේ බව සඳහන් කළේ අධිකරණ අමාත්‍යාංශයීය වැය ශීර්ෂ කාරක සභා විවාදය සඳහා එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

“ජාතික ජන බලවේගය ඇතුළෙත් අවංකව වැඩ කළ යුතු පිරිසක් ඉන්නවා. මේ රටේ පොලිස්පතිතුමා පාවලා දීලා, මේ රටේ පොලීසිය පාවලා දීලා කටයුතු කළ මහත්තයෙක් දැන් හැංගිලා ඉන්නවා. මාතර අධිකරණයෙන් අත්අඩංගුවට ගන්න නියෝග කර තිබෙනවා. ස්වාධීන අධිකරණය නියෝගයක් දී තිබෙනවා. හිටපු පොලිස්පති හැංගිලා. ඒ අය හොයන්න පොලිස් දෙපාර්තමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. ඒ නිසා ඇඟිල්ල දිගු කරන්න එපා. වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා. අපි 159 දෙනා මොනව හරි දේකට සම්බන්ධයි කියලා කවුරු හරි ඔප්පු කළොත් අපි දේශපාලනයෙන් සමුගන්නවා. ඒ වගේ කණ්ඩායමක් ඉන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here