Home Politics News Room : සමාගම් මැඳුරේ ලියාපදිංචි ආයතන 40,000ක් බදු ගෙවන්නේ නෑ

News Room : සමාගම් මැඳුරේ ලියාපදිංචි ආයතන 40,000ක් බදු ගෙවන්නේ නෑ

0
0

සමාගම් රෙජිස්ට්‍රාර් තනතුරට නිලධාරියකු බඳවා ගැනීමේ නව පටිපාටියක් සකස් කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (28) පැවසීය.

නව පටිපාටිය නීතිගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බවත් මෙතෙක් මෙම තනතුරට බඳවා ගැනීමේදී අනුගමනය කරන නිසි ක්‍රමවේදයක් නොතිබූ බවත් ඇමැතිවරයා පැවසුවේය.

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී රවි කරුණානායක මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ලෙස දැනට සේවය කරනුයේ වැඩබලන නිලධාරියකු බව ද ඇමැතිවරයා කීය.

සමාගම් මැඳුරේ ලියාපදිංචි ආයතන 205,000ක් පමණ පවතින අතර 65,000ක් පමණ සක්‍රියව පවතින බවත් ඉන් බදු ගෙවනුයේ 25,000ක් පමණ ආයතන බවත් ඇමැතිවරයා පැවසුවේය. වර්තමානය වනවිට සමාගම් ලියාපදිංචිය වේගවත්ව ඇති බවත් වත්මන් පරපුර තනි පුද්ගල සමාගම්වල සිට හවුල් ව්‍යාපාර දක්වා ඇති ආයතන ලියාපදිංචිය සිදු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here