Home Politics News Room : ජනපති-පොලිස්පති පොලිස් කොමිසම අතර ප්‍රශ්නයක් ඇති වෙලා

News Room : ජනපති-පොලිස්පති පොලිස් කොමිසම අතර ප්‍රශ්නයක් ඇති වෙලා

0
0

 

පොලිස් කොමිසම, ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා අතර ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (28) පැවසීය.

එම තත්ත්වය යටතේ රටේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැටලුවට ලක්ව ඇතැයි ද පොලීසියේ ස්වාධීනත්වය සඳහා පොලිස් කොමිසම ස්ථාපිත කළේ යැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.

“ආණ්ඩුව බලයට පත්වූයේ හොරකම්, වංචා, දූෂණ පිටුදැක හොරුන්ට දඬුවම් දෙන්න. සොරකම් කළ දේපළ, මුදල් නැවත ලබා ගන්නා බවට වේදිකාවල ඔවුන් පොරොන්දු දුන්නා. සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනත ගෙනඒමට යහපාලනයට හැකි වුණා. රජයේ ආයු කාලයෙන් සියයට 10ක් මේ වෙනකොට ගෙවිලා ඉවරයි. ඒ පනත්වත් බලාත්මක කරගැනීමට ආණ්ඩුවට නොහැකි වුණා. අර්ජුන් මහේන්ද්‍රන්ව ගේන්න සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්.

තාජුඩීන් ඝාතන පරීක්ෂණ නොමඟ යැවූ නිලධාරියකු මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ උපදේශකයෙක් විදියට පත්කරගෙන සිටින බවට අපිට ආරංචියි. ඉතින් කොහොමද මේ පරීක්ෂණ ගැන සාධාරණයක් බලාපොරොත්තු වන්නේ. පාස්කු ඉරිදා පරීක්ෂණය සොයන බවටත් ආණ්ඩුව පොරොන්දු දුන්නා. ඒ සඳහා කමිටු තුනක් පත් කළා. යහපාලන කාලයේදී මේ සිද්ධියට අදාළව සැකකරුවන් 700ක් පමණ අත්අඩංගුවට ගත්තා. මේ ආණ්ඩුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා ජනතාව බලා සිටිනවා. පාස්කු මහ මොළකරු තවම නිදැල්ලේ. මේ සිද්ධියට අදාළව කිසිදු අයකු ප්‍රශ්න කිරීම්වලට මේ ආණ්ඩුව ලක් කර නැහැ. කතෝලික ජනතාවට සාධාරණය ඉටු කරන්න කියලා අපි කියනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here