Home Politics News Room : විදෙස් බැංකුවල හංගා තිබෙන මුදල් නැවත ගන්න ක්‍රමයක් පනතේ...

News Room : විදෙස් බැංකුවල හංගා තිබෙන මුදල් නැවත ගන්න ක්‍රමයක් පනතේ නැහැ -මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්

2
0

දූෂණ විරෝධී පනත මෙරටට අත්‍යවශ්‍ය කාලෝචිත පනතක් බව පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවැසීය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මහා පරිමාණ වංචා දූෂණ කොට විදෙස් බැංකුවල හංගා තිබෙන මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් දූෂණ විරෝධය පනතේ නැහැ.

සොරකම් කරන ලද මුදල් නැවත ලබා ගැනීම සඳහා ලෝක බැංකුවට අනුබද්ධිතව ස්ටාර් නම් ආයතනය ස්ථාපිත කර තිබෙන අතර දූෂණ වංචා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්මුතියට ද ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙනවා.

රට තුළ ව්‍යාප්ත වී තිබෙන දූෂණය හා වංචාව නිසා ආයෝජනය නොලැබෙනවා. ඉන් රට තව තවත් ප්‍රපාතයට වැටෙමින් තිබෙනවා.

අපේ රටට අත්‍යවශ්‍ය පනතක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව කියලා තිබෙනවා මේ රට ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගැනීම සඳහා තිබෙන ප්‍රධාන බාධකය මහා පරිමාණයේ වංචා සහ දූෂණය කියලා. අපේ රටට ආයෝජන ලබාගන්න බැරිව තිබෙන්නේ හැම අතින්ම ව්‍යාප්ත වෙලා තිබෙන වංචා හා දූෂණයන්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here