Home Local News Room : ranil wickramasinghe ~

News Room : ranil wickramasinghe ~

0
0
වත්මන් රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් රටේ මූල්‍ය ස්ථාවරත්වය දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, ආසන්න අනාගතයේදීම ආර්ථිකයේ පූර්ණ බිඳවැටීමක් සිදුවීම වැළැක්විය නොහැකි බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල විශේෂ හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, වත්මන් පාලන යාන්ත්‍රණයේ පවතින දුර්වලතා නිසා එහි බරපතළ ප්‍රතිවිපාක ඉදිරියේදී සාමාන්‍ය ජනතාවට අත්විඳීමට සිදුවනු ඇති බවයි.

එමෙන්ම, වත්මන් රජය මෙරට දේශීය අනන්‍යතාවයේ කුළුණු ද්විත්වයක් වන මහා සංඝරත්නය සහ රණවිරු ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ සමාජීය වටිනාකම් හා බලය ක්ෂය කර දැමීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට ද හිටපු ජනාධිපතිවරයා චෝදනා කළේය. 

රටේ ආර්ථික අස්ථාවරත්වයට අමතරව සමාජීය සහ සංස්කෘතික පදනමට එල්ල වී ඇති මෙම තර්ජන පිළිබඳව ද ඒ මහතා එහිදී විශේෂ අවධානය යොමු කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here