අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි (04) වන දින රජයේ රස පරීක්ෂකවරයා වෙත DNA පරීක්ෂණයක් සඳහා යවන ලද, දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයා ගත් රුධිරය තැවරුණ බවට සැක කෙරෙන ඇදුම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව නිට්ටඹුව පොලිසිය පසුගියදා අධිකරණයට දැනුම් දුන්නේය.
නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති එම ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා DNA පරීක්ෂණයක් පවත්වා ඇති බවත් දැරියගේ ඇඳුම්වල “DNA ඇලීල අන්තර්ගතව ඇති බව” DNA පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් අනාවරණ වී ඇති බවද පොලීසිය සඳහන් කළේය.
එනිසා අදාළ DNA ඇලීල සමග සැසඳීමට සැකකාර පල්ලේගම හේමරතන හිමිගේ රුධිර සාම්පල ලබා ගැනීමට අවශ්‍ය බැවින් රජයේ රස පරීක්ෂකවරයා වෙත රුධිර සාම්පල ලබාදෙන ලෙසට සැකකාර හිමිනමට නියෝග කරන ලෙසට පොලීසිය පසුගියදා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, (16) වන දින රජයේ රස පරීක්ෂක පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් තම රුධිර සාම්පල DNA පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයාට ලබාදෙන ලෙසට සැකකාර පල්ලේගම හේමරතන හිමිට නියෝග කළේය.
තවද හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ සිය රුධිර සාම්පල ලබා දීමෙන් අනතුරුව සිදු කරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂණවරයාට නියෝග කළේය.
මේ පුවත තව අයට බලන්න







