Home Politics News Room : සැවොම එකට එක්වී IMF එකෙන් හොඳ දේ දිනාගමු

News Room : සැවොම එකට එක්වී IMF එකෙන් හොඳ දේ දිනාගමු

2
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත හැකි හොඳ දේ දිනාගන්නට පක්ෂ පාට භේදයෙන් තොරව පාර්ලිමේන්තුවේ 225 දෙනාම එක්වෙමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට යෝජනාවක් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව රැස් වූ අවස්ථාවේදීය.

කළබලකාරී තීන්දු තීරණ නොගෙන විපක්ෂයට සියලු කරුණු කාරණා හෙළිදරව් කර විපක්ෂයත් ආණ්ඩුවත් එක්ව මේ සම්බන්ධයෙන් කටයුතු කරමු යැයි ඒ මහතා ඉල්ලීමක් කරයි.

සමඟි ජන බලවේගය වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම අනුමත කරනවා. සමඟි ජන බලවේගය වුවත් විශ්වාස කරන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම හරහා මෙම ගිවිසුම් ක්‍රියාත්මක කළ හැකි බවයි. එක වෙලාවකට එක දෙයක් තව තවත් වෙලාවකට තව දෙයක් කියමින් එකිනෙකට පරස්පර විරෝධි කතා කීම තුළ රජය පිළිබඳ විශ්වාසය පළුදු වී තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් දේශීය ණය ප්‍රතිව්‍යූහගත නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලට යා හැකි වුවත් ශ්‍රී ලංකාවට එවැන්නක් සිදුකළ යුතු වීමත් අතර යම් සැඟවුණු දෙයක් තිබෙනවා. රජය මෙම ගිවිසුම්වලට එළඹීමට පෙර ජනතාව ගැන හෝ මහජන සුබ සාධනය තැන්පතු හා පාරිතෝෂිත මුදල් ගැන නොසිතා ඇති බවත් මෙවැනි තීන්දුවකට ප්‍රගතිශිලී විපක්ෂයක් ලෙස එකඟ විය නොහැකි බවත් පවසනවා යැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here