ජාතිවාදයට ඉඩ නොදෙන බවට ස්ථිර අධිෂ්ඨානයක් ඇති කර ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුවට පෙරේදා (18) සහභාගි වෙමිනි.
පුද්ගලයින් පසුපස ගිය කාලය අවසන් කර මේ රටත්, ජනතාවත් හෙළා තිබෙන විනාශයෙන් බේරා ගන්න සාමූහිකව අපි හැමෝම ප්‍රයත්නයක් දැරිය යුතු වෙනවා. ජාතික ජන බලවේගය ගොඩනඟා තිබෙන්නෙ කැත, කිලිටි, විනාශකාරී දේශපාලනයෙන් අපේ රට මුදා ගන්න. පාසැලේ එකට ඉගෙන ගන්න සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන් එකට අත්පුඩි ගසන සුන්දර දර්ශනයක් අපට ඕනෙ. දියුණු වූ රටවල් පිටුපස තිබෙන්නෙ ජාතිවාදී හෝ ආගම්වාදී හෝ නොවී රට ගැන සිතා කටයුතු කිරීමයි. අපේ පරම්පරාව උතුරේද, දකුණේද භේදයකින් තොරව ජාතිවාදයට ඉඩ නොදෙන බවට ස්ථිර අධිෂ්ඨානයක් ඇති කර ගත යුතු බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
උපාලි කරුණාරත්න